ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

පඬුවස්නුවර (බටහිර)

 

 පපපපපප

 

අපගේ දැක්ම

"2025 වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතරින් විශිෂ්ඨතම සේවා සපයන්නා බවට පත් වීම"

 

අපගේ මෙහෙවර

"කාර්යක්ෂම හා ඵලදායි සම්පත් කළමනාකරණය හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලිය හරහා තෘප්තිමත් හා විශිෂ්ඨ සේවාවක් සපයමින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම"

ඓතිහාසික පසුබිම

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර මැතිවරණ කොට්ඨාශයේ පිහිටි පඬුවස්නුවර  බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිලිබඳව කරන හැඳින්වීමක දී, එහි ‍ඓතිහාසික පසුබිම විග්‍රහ කිරීම වැදගත් වේ. ඒ අනුව ‍ඓතිහාසික වශයෙන් දෙස් විදෙස්හි සුපතල පඬුවස්නුවර පුරවරය අප ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන පිහිටා ඇත. පඬුවස්නුවර රාජධානියේ ඓතිහාසික වැදගත්කම සම්බන්ධයෙන් වන මතවාදයන් දෙකකි. ඉන් එකක් ලෙස සිංහල රාජාවලියේ ආරම්භකයා වූ විජය රජුගෙන් පසුව රජ පදවියට පත් පණ්ඩුකාභය හෙවත් පඬුවස්දෙව් රජු ක්‍රි.පූ 414 දී පමණ සිය රාජධානිය මෙහි ස්ථාපනය කරන ලද බව කි‍යවේ. ඉතිහාසය විමසා බැලීමේ දී උන්මාද චිත්‍රා, දීඝ ගාමිණී ප්‍රේම වෘත්තාන්තයට පසුබිම වන්නේ මෙම ඓතිහාසික නගරයයි. රජමාලිගය, එක්ටැම් ගෙය ආදියෙහි නටබුන් ලෙස හඳුනාගත් ස්ථාන පුරා විද්‍යාත්මක ස්මාරකයන් ලෙස සුරැකිව පවත්වාගෙන යයි.

මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ පිලිගැනීමට අනුව පඬුවස්නුවර යනු පොළොන්නරුව රාජධානිය කර ගනිමින් සිරිලක එක්සේසත් කල මහා පරාක්‍රමබාහු රජතුමා යුවරාජ පදවිය දැරූ අවධියේ සිය රාජධානිය ස්ථාපනය කරන ලද්දේ පඬුවස්නුවරය. ඒ අනුව දැනට පඬුවස්නුවර පූජා භූමිය තුල දක්නට ඇති නෂ්ඨාවශේෂ එතුමන්ගේ රාජ මාලිගා හා අනෙකුත් පරිපාලන හා ආගමික ඉදිකිරීම් වල ශේෂයන් බව පැවසේ.

 

පරිපාලන පසුබිම

මෙවන් ඓතිහාසික වටිනාකමකින් යුත් පඬුවස්නුවර පුරවරයේ පරිපාලන කටයුතු වල ආරම්භය 60 දශකයෙන් මෙපිට සනිටුහන් වේ. ඒ අනුව හෙට්ටිපොල ප්‍රාදේශීය ආදායම් නිළධාරී / ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශය, තිස්සව කෝරළය, ගිරාතලාන කෝරළය, අංගමුව කෝරළය හා බලදොර කෝරලය යන කෝරළ සතරකින් යුතුව සිය පරිපාලන කටයුතු ආරම්භ කරයි. එහෙත් 1977 පාර්ලිමේන්තු මහ මැතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශ නිර්ණය කිරීමේ කොමිෂන් සභා නිර්දේශය අනුව පඬුවස්නුවර නව මැතිවරණ කොට්ඨාශ ස්ථාපනය කරන ලදී. බලදොර කෝරළය නිකවැරටිය මැතිවරණ කොට්ටඨාශයට සම්බන්ධ කරන ලදින් කොබෙයිගනේ නව ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශයක් ආරම්භ කරන ලදී.  ඉන් පසු හෙට්ටිපොල ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශයට පමණක් සීමාවූ අතර එය පඬුවස්නුවර ප්‍රාදේශීය උපදිසාපති කොට්ඨාශය නමින් හැඳින්වුනි.

තිස්සව කෝරළය, අංගමුව කෝරළය, කරදාපත්තු කෝරළය, ගිරාතලාන කෝරළය. උතුරු යටිකහ කෝරළය යන කෝරළ 05 කින් යුතුව ග්‍රාම නිළධාරි වසම් 103 කින් ද සමන්විතව කටුපොත උප කාර්යාලයක් සහිතව පරිපාලන කටයුතු ඉටු කරන ලදී. 1990 පරිපාලනය විමධ්‍යගත කිරීමට අනුකූල වෙමින් පඬුවස්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටුවන ලදී. කටුපොත උප කාර්යාලයක් ලෙස පවත්වාගෙන යන ලද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට හා වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ග්‍රාම නිළධාරි වසම් වෙන් කිරීම නිසා ග්‍රාම නිළධාරි වසම් 78  දක්වා සීමා වූ අතර 2007 වසරේ මාවිඇල පඬුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඇති කිරීමත් සමග මෙම කොට්ඨාශය   පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ලෙස නම් කෙරුන අතර ග්‍රාම නිළධාරි වසම් සංඛ්‍යාව 64  දක්වා අඩු කෙරුණි. නමුත් 2013 වසරේ පඬුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්ව තිබූ ග්‍රාම නිලධාරී වසම් 3 ක් නැවත පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතට ගැනිණි.

 

මෙම කොට්ඨාශයේ පරිපාලන ප්‍රධානීන් ලෙස කටයුතු කල අය අතර

1. ආරියරත්න මුණසිංහ මයා

ප්‍රාදේශීය ආදායම් නිළධාරි

1972 - 1976

2. බර්නාඩ් කීර්තිරත්න මයා

ප්‍රාදේශීය ආදායම් නිළධාරි

1976 - 1978

3. ආර්. ජේ. එම්. ගුණසේකර මයා

උපදිසාපති / ප්‍රාදේශීය ලේකම්

1978 - 1997

4.සරත් අබේගුණවර්ධන ම‍යා

ප්‍රාදේශීය ලේකම්

1997 - 2004

5. ඒ. එම්. කේ. බී. අධිකාරි මයා

ප්‍රාදේශීය ලේකම්

2004 - 2008

6. ඩබ්. ඒ. කුලසූරිය මයා

ප්‍රාදේශීය ලේකම්

2008 - 2015

7. ඩී.පී. එස්. කුමාර

ප්‍රාදේශීය ලේකම්

2015 - 2018

8. එන්.ඒ.ඒ. එස්. ප්‍රියංකර

ප්‍රාදේශීය ලේකම් (වැඩබලන)

2018 - මේ දක්වා

 

යන අය සටහන් කල යුතුවේ. පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය උතුරින් කොබෙයිගනේ සහ වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් ද, දකුණින් කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද, නැගෙනහිරින් පඬුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද, බටහිරින් බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද,  මායිම් වුන වර්ග කිලෝමීටර 172 කින් යුතු භූමි ප්‍රමාණයකින් සැකසී තිබේ. කොළමුණු ඔය හා බුජ්ජමු ඔය යන ඔයවල් දෙක කෙත්වතු සාර කරමින් කොට්ඨාශය හරහා ගලා බසියි.

News & Events

28
අගෝ2017
ප්‍රාදේශීය රැකියා පොල - 2019

ප්‍රාදේශීය රැකියා පොල - 2019

පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීම මත...

28
අගෝ2017
බක්මහ උළෙල - 2019

බක්මහ උළෙල - 2019

පඬුවස්නුවර - බටහිර ප්‍රාදේශීය ලේකම කාර්යාලයේ නිලධාරින්...

Scroll To Top